Loading...

දඩ කොළ ඔන්ලයින් ගෙවීමේ නියමු ව්‍යාපෘතියක් ඇරඹේ

රථවාහන වැරදි පිළිබඳව පොලීසිය රියදුරන්ට නිකුත් කරන දඩ කොළ ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ගෙවීම සඳහා නියමු ව්‍යාපෘතියක් හඳුන්වා දීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.

රජය විසින් හඳුන්වාදී තිබෙන GovPay ඇප් එක හරහා මෙම ගෙවීම් සිදුකළ හැකියි.

කුරුණෑගල සිට අනුරාධපුර දක්වා මාර්ගයේ ස්ථාන 11කදී මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ අප්‍රේල් මස 30 වනදා දක්වා එය ක්‍රියාත්මක වන බවයි.

රජයේ සියලුම ගෙවීම් ඩිජිටල් ක්‍රමය ඔස්සේ සිදු කිරීමට ජනතාවට හැකිවන පරිදි GovPay පහසුකම හඳුන්වාදීම පසුගිය පෙබරවාරි 7 වනදා සිදුකරනු ලැබුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *