ඉන්ධන මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.
මේ අනුව රුපියල් 309ක්ව පැවැති ඔක්ටේන් 92ක පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 299කි.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 361ක් වනු ඇති.
එම සංස්ථාව සඳහන් කළේ අනෙක් ඉන්ධන වර්ගවල මිල නොවෙනස්ව පවතින බවයි.
මේ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 286ක් ද, ලංකා සුපිරි ඩීසල් ලිටරයක මිල රුපියල් 331ක් ද, භූමිතෙල් ලීටරයක මිල රුපියල් 183කි.
මේ අතර ලංකා IOC සමාගම ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.
එම සමාගම සඳහන් කළේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් අඩුකර කර ඇති බවයි.
එහි නව මිල රුපියල් 299කි.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 361ක් වනු ඇති.
මේ අතර අප්‍රේල් මස සඳහා ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 420කින් වැඩි වෙන අතර එහි නව මිල රුපියල් 4100කි.
කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 168කින් වැඩි වෙන අතර එහි නව මිල රුපියල් 1645ක් බව සඳහන් වනවා.
Leave a Reply