Loading...

විමර්ශන අත්හිටු වන ලෙස ඉල්ලා පියුමිගෙන් පෙත්සමක්

තමාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය විසින් සිදු කරන විමර්ශන අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලි මහත්මිය විසින් අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂයවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් නම් කර ඇති බවද වාර්තා වනවා.

තමාට එරෙහිව විමර්ශනය සිදු කරන ආකාරය යුක්තිය සහගත නොවන බවත් ඉන් තමන්ට දැඩි අගතියක් සිදු වන බවත් මෙම පෙත්සමේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *