පාකිස්ථාන සීමිත පන්දුවාර කණ්ඩායමේ නව නායකයා ලෙස හිටපු නායක බාබර් අසාම් පත් කර තිබෙනවා.
පාකිස්ථාන ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ තේරීම් කමිටුවේ නිර්දේශ මත පකිස්ථාන ක්‍රිකට් ආයතනයේ සභාපති Mohsin Naqvi විසින් මෙම පත් කිරීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අනුව එක් විස්සයි විස්ස තරඟාවලියදී පමණක් පාකිස්ථාන කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ශහීන් ශාහ් අෆ්රිඩි ඔහුගේ නායකත්වය අහිමිව තිබෙනවා.
මෙම නව පත් කිරීමෙන් අනතුරුව බාබර් ආසම්ගේ නායකත්වය යටතේ පාකිස්ථාන කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරඟාවලිය ලෙස ලබන මසදී නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත තරඟ 5කින් යුත් විස්සයි විස්ස තරඟාවලියයි.
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ දී පාකිස්ථාන කණ්ඩායමට අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වුණා.
ඒ සමඟ පසුගිය නොවැම්බර් මසදී පාකිස්ථාන කණ්ඩායමේ නායකත්වයෙන් බාබර් අසාම් තීරණය කළා.
ඉන් අනතුරුව විස්සයි 20 කණ්ඩායමේ නායකයා ලෙස ශහීන් ශාහ් අෆ්රිඩි ද ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ශාන් මසූඩ් ද පත් කෙරුණා.
කෙසේ නමුත් එක්දින කණ්ඩායම සඳහා කිසිඳු නායකයෙකු ස්ථිර ලෙස පත් කිරීමක් සිදු කළේ නැහැ.
Leave a Reply