ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මේ ගමන ආරම්භ කළේ වසර 100කින්වත් නතර කිරීමට නොවන බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (10) පැවති ජාතික ජන බලවේගයේ ජනහමුවක් අමතමින්.
“මේකට ගොඩක් ගමනක් නෑ, කිව්ව දේවල් කරන්නෙ නෑ, සාධාරණත්වය නෑ, ඒ ශ්‍රේෂ්ඨතම පක්ෂය නෑ කියලා ගොඩක් අය කියන්න පටන් අරන් තියෙනවා.
අපි ඒ හැමෝටම කියනවා, නෝනාවරුනි මහත්වරුනි කලබල වෙන්න එපා.
අපි මේ ගමන ආරම්භ කළා විතරයි. මේ ගමන සියවසකින්වත් නතර කරන්න නෙවෙයි මේ ගමන ආරම්භ කළේ”
Leave a Reply