Loading...

පළාත් පාලන ඡන්ද විමසීම පිළිබඳව අදත් නියෝගයක්

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඉදිරිපත් කෙරුණු නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක්කරමින් මේ වන විට අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර තිබෙන කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතනවලට අදාළව ඡන්ද විමසීම ඉදිරිපත් කිරීමට කරගෙන යාම හෙට (03) දින තෙක් වළකින ලෙස අදාළ තේරීම් භාර නිලධාරීන් වෙත අභියාචනාධිකරණය අද (02) යළි නියෝග කළා.

මෙම පෙත්සම් අද (02) අභියාචනාධිකරණ හමුවේ යළි විභාගයට ගනු ලැබුවා.

මෙහිදී දැනට ප්‍රතික්ෂේප කර තිබෙන නාමයෝජනා අතුරින් උප්පැන්න සහතිකවල මුල් පිටපත් ඉදිරිපත් කර තිබෙන නාම යෝජනා යළි භාර ගැනීමට අධිකරණය හමුවේ එකඟතාවයක් ඇති වුණා.

මේ අනුව දැනට භාර ගැනීමට එකඟතාවයකට පත්වී තිබෙන නාම යෝජනාහැර සෙසු නාම යෝජනාවලට අදාළ පළාත් පාලන ආයතන පිළිබඳව ඡන්ද විමසීම් කටයුතු සම්බන්ධව ඉදිරි පියවර ගැනීම හෙට (03) දින තෙක් වළක්වමින් අධිකරණය තවදුරටත් නියෝගයක් නිකුත් කළා.

ඉන්පසුව වැඩිදුර කරුණු සලකා බැලීම අද (02) දහවල් තෙක් කල් තැබුවා.

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන ගණනාවකට ඉදිරිපත් කෙරුණු නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව එක්සත් ජනතා නිදහස් සන්ධානය, සර්වජන බලය, ස්වාධීන කණ්ඩායම් ඇතුළු පාර්ශ්ව විසින් මේ වන විට අභියාචනාධීකරණය හමුවේ පෙත්සම් 30කට ආසන්න සංඛ්‍යාවක් ගොනු කර තිබුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *