Loading...

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ නඩුව ගැන අධිකරණයෙන් නියෝගයක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුව ලබන 31 වනදා විභාගයට නොගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුව අභියෝගයට ලක් කරමින් අදාළ නෞකා සමගාමේ අධ්‍යක්ෂකවරුන් විසින් ගොනු කළ අභියාචනා පෙත්සමක් ඊයේ (21) සලකා බැලීමෙන් අනතුරුවයි.

අදාළ සිද්ධිය සම්බන්ධව කොළඹ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව ලබන 31 වනදා විභාගයට ගැනීමට නියමිතව තිබෙනවා.

මෙම පෙත්සමේ සලකා බැලීම අවසන් වන තෙක් අදාළ නඩුව මහාධිකරණය හමුවේ විභාග කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

අදාළ ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල අදාළ නඩුව ලබන 31 වනදා මහාධිකරණය හමුවේ විභාගයට නොගන්නා ලෙස දන්වමින් නියෝගයක් නිකුත් කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *