ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තෙවන සමාලෝචනය පිළිබඳව එම අරමුදලේ නියෝජිතයින් අද (23) පෙරවරුවේ නිල වශයෙන් කරුණු දැක්වීමට නියමිතව තිබෙනවා.
තෙවන සමාලෝචනය අවසන් කිරීම සඳහා ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම පිළිබඳව මෙහිදී දැනුම් දෙනු ඇති.
මේ අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර තෙවන සමාලෝචනයට අදාළ සාකච්ඡා ජනාධිපති කාර්යාලයේ දී පසුගියදා පැවැත්වුණා.
අදාළ සාකච්ඡාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් හා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු කණ්ඩායමක් සහභාගී වී තිබුණා.
ජනාධිපති මාධ්‍ය අංශය පසුගියදා තහවුරු කළේ දෙපාර්ශවය අතර සාකච්ඡා සාර්ථකව අවසන් වූ බවයි.
Leave a Reply