Loading...

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද තැපෑල වෙත

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද (16) දින තැපෑල වෙත බාර දීමට නියමිත බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසනවා.

ඒ මහතා සඳහන් කළේ අප්‍රේල් මස 20 වනදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ විශේෂ දිනයක් ලෙස යොදාගෙන ඇති බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ තැපැල්පතිවරයා,

“අද දිනයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා භාරදීමට නියමිතයි. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා දිස්ත්‍රික්ක මට්ටමින් අපිට ලැබීමට නියමිතයි. ඒ ලැබෙන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සෑම නිවසකටම බේදාදීමට කටයුතු කරන්න ඕනේ ඒ සඳහා අපිට 29 වනදා වෙනතුරු කාලය තියෙනවා. ඒ අතර කාලය තුළ අප්‍රේල් 20 විශේෂ බෙදීමේ දිනයකුත් දාලා තියෙනවා මොකද මේවා ගෙදර ඉන්න කෙනෙක්ට අත්සන් කරලා භාර දෙන්න ඕනේ වැදගත් ලියවිල්ලක් නිසා. එතකොට කවුරු හෝ කෙනෙක් ගෙදර ඉදලා අත්සන් කරලා භාරගන්න රැඳී සිටින්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ 29 වනදායින් පස්සේ ඡන්ද පත්‍රිකා බෙදන්න බැරි වුණ කොටසක් තියෙන්නේ පුළුවන් ඒ ප්‍රමාණය අපිට ආසන්න තැපැල් කාර්යාලයට ගිහිල්ලා තමන්ගේ අනන්‍යතාවය ප්‍රකාශ කරලා ඡන්ද පත්‍රිකා ලබාගැනීමේ පහසුකම දීලා තියෙනවා.”

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද රක්ෂණ පැකැට්ටුව තැපෑල වෙත භාර දීම ඊයේ (15) සිදු කෙරුණා.

තැපැල්පතිවරයා සඳහන් කළේ දිස්ත්‍රික්ක 6කට අයත් පළාත් පාලන ආයතන 9කට අදාළ රක්ෂණ පැකට්ටු තැපෑල වෙත භාරගත් බවයි.

මෙතෙක් ලැබුණු තැපැල් ඡන්ද රක්ෂණ පැකට්ටුවලින් සියයට 70කට වැඩි ප්‍රමාණයක් මේවනවිට බෙදාහැර අවසන් බවද ඒ මහතා වැඩිදුරටත් පවසනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *