අවසන් වූ 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්ණ පත්‍රයේ කලින් පිටවූ ප්‍රශ්ණ 3 සඳහා එම විභාගයට ඉදිරිපත් වූ සියලු සිසු සිසුවියන්ට නිදහස් ලකුණු ලබාදීමට අමාත්‍ය මණ්ඩලය නිර්දේශ කර ඇති බව නීතිපතිවරයා අද (02) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙනු ලැබුවා.
සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේ මෙම ප්‍රශ්ණ පත්‍රය සඳහා විභාගය යළි පැවැත්වීමෙන් සිසු සිසුවියන් පීඩාවට පත්වීමට හැකි බවත් එම විභාගය යළි පැවැත්වීම නුසුදුසු බව අමාත්‍ය මණ්ඩලය විසින් නිර්දේශ කර තිබෙන බවත්ය.
ශිෂ්‍යත්ව විභාගය පැවැති ආකාරය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන මුලික අයිතිවාසිකම් පෙත්සම් අද (02) යළි කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කෙරුණා.
තවද මෙම පෙත්සම් පුර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් මෝසමක් ගොනු කර තිබෙන බවද සොලිසිටර් ජෙනරාල්වරයා මෙහිදී දන්වා සිටියා.
ඉන් අනතුරුව පෙත්සම් විභාගය දෙසැම්බර් මස 11 වනදා පැවැත්වීමටද නියෝග කෙරුණා.
Leave a Reply