Loading...

මෛත්‍රීට නොතීසි

රෝයල් පාක් ඝාතන සිද්ධිය සම්බන්ධව මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ නැමැත්තාට ලබාදුන් ජනාධිපති සමාව අහෝසි කිරීමෙන් පසුව රුපියල් මිලියන වන්දියක් ගෙවන ලෙස අධිකරණය විසින් දුන් නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම පිළිබඳව අප්‍රේල් මස 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිට දඬුවම් නොකිරීමට හේතුව ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත නොතීසි නිකුත් කිරීමට නියෝග නිකුත් කළා.

පසුගිය වසරේ මෙම නඩුවේ තීන්දුව දුන් අවස්ථාවේ දී මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දියක් මාසයක් තුළ ගෙවා අවසන් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු ජනාධිපතිවරයාට මහතාට නියෝග කර තිබුණා.

අදාළ පෙත්සම අද (11) කැඳවූ අවස්ථාවේ දී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කියා සිටියේ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම මුදල මේ දක්වා ගෙවා නොමැති බවයි.

මේ අනුව මෙම වන්දි ගෙවීම පැහැර හැරීම පිළිබඳව අධිකරණය හමුවේ පෙනී සිට දඬුවම් නොකිරීමට හේතුව ඉදිරිපත් කරන ලෙස දන්වා මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත නොතීසි නිකුත් කිරීමට නියම කෙරුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *