Loading...

අනධ්‍යන කාර්ය මණ්ඩල ගැටළුවට හොඳම විසඳුම දෙනවා

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වර්ජනයේ යෙදී සිටින විශ්ව විද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති සමඟ ලබන සඳුදා (3) සාකච්ඡා කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (31) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

පවතින ගැටළුවට හොඳම විසඳුම ලබාදීම කෙරෙහි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ බලධාරීන් බලාපොරොත්තු වන බවද ඔහු මෙහිදී කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් රාජ්‍ය අමාත්‍යවරයා, “විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය මේ වනවිට දවස් 28ක වැඩ වර්ජනයක් තියෙනවා. ‍මේක අවාසනාවන්ත වැඩ වර්ජනයක්. පාඩුව ලබන්නේ අනාගත පුරවැසියන්. සෘජු පාඩුව දවසකට මිලියන 150ක්. රජයට අවශ්‍ය නෑ මේක මේ ආකාරයට දික්කර ගන්න. වෘත්තීය සමිති වලටත් මේක මෙහෙම ‍ගෙනියන්න අවශ්‍ය නෑ. අපි මේ ප්‍රශ්නය ගැන සාකච්ඡා කරනවා ‍කෙසේ ද මේක විසඳගන්නේ කියලා. වෘත්තීය සමිති නායකයින් දෙදෙ‍ෙනක් සමග මම දුරකථනයෙන් සාකච්ඡා කළා. සඳුදාත් සාකච්ඡා කරනවා. මගේ බලාපොරොත්තුව නම් අපි මේක මැද මාවතකින් විසඳාගත යුතුයි.,”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *