“සිරි දළදා වන්දනාව” සඳහා කිසිදු අවස්ථාවක VIP හෝ VVIP යනුවෙන් ප්‍රභූවරුන්ට විශේෂිත වූ පෝලිමක් නොමැති බව මහනුවර සහ මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා පවසනවා.
ඒ මහතා මේ බව සඳහන් කළේ අද (17) සවස පැවති “සිරි දළදා වන්දනාව” බැතිමතුන්ගේ ආරක්ෂාව හා රථවාහන හැසිරවීම ගැන පොලීසියේ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින්.
කෙසේ වුවත් ස්වාමීන් වහන්සේලා සීමිති පිරිසකට දළදා මාලිගයට ඇතුළු වීමේදී විශේෂ අවස්ථාවක් ලබාදෙන බවත් ඔවුන් ද විශේෂ ආරක්ෂාවට ලක්කරන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසනවා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ විදෙස් තානාපතිවරු ද විශේෂ පරික්ෂාවකට ලක්කර මහජනතාවට දළදා වන්දනාව ආරම්භ කිරීමට පෙර දළදා වහන්සේව වන්දනා කර ගැනීමට අවස්ථාව ලබාදෙන බවයි.
දළදා වන්දනාවේ දී 98%ක පමණ ප්‍රමුඛත්වයක් ලබා දී ඇත්තේ බැතිමතුන්ට වන බවත් උදෑසන කිරි ආහාර පූජාව වෙනුවෙන් පැමිණෙන බැතිමතුන්ට කිසිඳු අවහිරයක් නොමැතිව වන්දනාමාන සිදුකළ හැකි බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසනවා.
කෙසේ වුවත් ඔවුන් සියලු දෙනා දළදා මාලිගයෙන් උදෑසන 10.30 වන විට පිට විය යුතු බවද ඔහු අවධාරණය කර සිටිනවා.
දළදා වන්දනාව සඳහා පෝලිම් තුනක් ඇතුළු කරන අතර පෝලිම් දෙකක් ලෙස පිට කිරීම සිදුකරන බව පැවසු ඒ මහතා පිරිකර රැගෙන ඒමෙන් බැතිමතුන් අපහසුතාවයට පත්විය හැකි බවයි.
Leave a Reply