Loading...

වත්මන් ආණ්ඩුවේ කිසිඳු කෙනෙක් පොලීසියට බලපෑම් කරන්නේ නැහැ – කැබිනට් මාධ්‍ය ප්‍රකාශක

ජාතික ජන බලවේගයේ කිසිඳු ඇමතිවරයෙක් තමන්ගේ උවමනා වෙනුවෙන් පොලීසියට බලපෑම් නොකරන බව භාවිතයෙන් පෙන්වා දී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙක් යොමු කළ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මාධ්‍යවේදියා – W 15 සිද්ධිය වෙලා තියෙන්නේ පොලිස්පතිවරයාගේ පෞද්ගලික උවමනාව මත කියලා දැනගන්න තියෙනවා. මින් ඉදිරියට රජයේ ආයතනයක් අවභාවිතා නොකර ඉන්න ක්‍රියාමාර්ග අරගෙන තියෙනවද ඔබතුමන්ලා?

අමාත්‍යවරයා – අපේ ආණ්ඩුවේ අමාත්‍යවරුන් තුන් දෙනෙක් පත්වෙලා මාස 5 1/2ක් වෙනවා. ඇමතිවරුන් 21 දෙනෙක් පත්වෙලා මාස 3 1/2ක් වෙනවා. ඉතින් අපි භාවිතාවෙන් පෙන්නුම් කරලා තියෙනවා අපේ කිසිම අමාත්‍යවරයෙක්, නියෝජ්‍ය අමාත්‍යවරයෙක් හෝ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙක් විශේෂයෙන් ඇමතිවරුන් පොලීසියට තමන්ගේ උවමනාව මත බලපෑම් කරන්නේ නෑ කියන එක. තමා වැදගත්ම දේ ඒක. භාවිතාවෙන් ඔප්පු කරලා තියෙනවා අපි එවැනි දේවල් නොකරන බව.

මිට කලින් එහෙම ක්‍රියා කළ අය ගැන පරීක්ෂණවලදී හෙළි වන කොට ඒවට අදාළ නීතිය ක්‍රියාත්මක වේවි. අපිට කවුරුවත් ආරක්ෂා කරන්න ඕන නැහැ නීතිවිරෝධී අය. නීතිය ක්‍රියාත්මක වේවි නිසි අයුරින්.

මාධ්‍යවේදියා – ඒ වගේම අපරාධ බුද්ධි ඒකකයක් නිර්මාණය කරන්න ආණ්ඩුව ප්‍රතිපාදන යොදවන්න බලාපොරොත්තුවක් තියෙනවද?

අමාත්‍යවරයා – විශේෂයෙන්ම පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසුව පාර්ලිමේන්තුවේ තිබ්බ තේරීම් කාරක සභාවෙන් නිර්දේශ කරේ අපේ රටේ බුද්ධි අංශ සම්බන්ධීකරණය කරන එක සහ ඔවුන්ට තාක්ෂණය ලබාදෙන ගැන සාකච්ඡා වුණා. පුරවැසියා සහ රාජ්‍ය බලාපොරොත්තු වෙන අයුරින් ආයතන උපරිම කාර්යක්ෂම වෙලා නෑ කියන එක ඔබ පෙන්නුම් කරන්නේ. රජය ඒ ගැන තේරුම් අරගෙන ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. ක්‍රමානුකූලව ඒ කටයුතු ඉදිරියේ දී සිදුවේවි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *