කිසිඳු මත්පැන් බලපත්‍රයක් නියමිත ක්‍රමවේදයෙන් බැහැරව කිසිවෙකුට පිනට ලබාදී නොමැති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් තිබෙනවා.
මෙම නිවේදනය ඊයේ (09) දිනයේ දී නිකුත් කර ඇති බව සඳහන්.
රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන අල්ලස් ලෙස මත්පැන් බලපත්‍ර නිකුත් කර ඇති බවට එල්ලවන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් අදාළ නිවේදනය නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයෙන් පෙන්වා දී ඇත්තේ රට ආර්ථිකමය වශයෙන් කඩාවැටී තිබූ මොහොතක හිටපු ජනාධිපතිවරයා සියලු සුරාබදු බලපත්‍ර නිකුත් කර ඇත්තේ සුරාබදු දෙපාර්තමේන්තුවේ නීතිරීති හා නියමිත ක්‍රමවේදයන්ට අනුව බවයි.
Leave a Reply