කැනඩාවේ ඔටාවා නගරයේ දී ශ්‍රී ලාංකිකයන් 6 දෙනෙක් ඝාතනය කිරීම පිළිබඳව චෝදනා එල්ල වී ඇති ලාංකික තරුණයා මෙම අවස්ථාවේ දී ඇප ඉල්ලීමට බලාපොරොත්තු නොවන බව ඔහුගේ නීතිඥවරයා පවසා තිබෙනවා.
අධ්‍යාපන කටයුතු සඳහා කැනඩාවට ගොස් සිටින මෙම සිසුවා ලබන සතියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී ෆෙබ්‍රියෝ ද සොයිසාට එරෙහිව නඩුවේ මුලික විමර්ශන සඳහා දින වෙන් කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.
19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා පසුගිය මාර්තු මුලදී එරට පොලිස් අත්අඩංගුවට පත්වූ අතර ඔහුට එරෙහිව මිනී මැරුම් චෝදනා 6ක් සහ මිනී මැරීමට තැත් කිරීම යන චෝදනා එල්ල කර තිබෙනවා.
උපුටා ගැනීම ලංකාදීප
Leave a Reply