පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳව චෝදනා ලබා අධිකරණයෙන් දඩ නියම කෙරුණු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සහ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පිළිබඳව ආරම්භ කර ඇති විනය පරීක්ෂණ අවසන් වන තුරු ඔහු අනිවාර්ය නිවාඩු යවා ඇති බව ජාතික පොලිස් කොමිෂන් සභාව පවසනවා.
ජාතික පොලිස් කොමිෂන් සභාව අද (18) රැස් වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබෙනවා.
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව අනුව ඒ මහතාට එරෙහිව ජාතික පොලිස් කොමිෂන් සභාව පසුගිය 1 වනදා විනය පරීක්ෂණ ආරම්භ කරනු ලැබුවා.
එම කොමිසම සඳහන් කරන්නේ ඔහු දැනට රාජකාරියේ කරන හෙයින් විනය පරීක්ෂණ සඳහා සාක්ෂි ලබාදීමට පැමිණෙන සාක්ෂිකරුවන්ට බලපෑමක් ඇතිවීමෙන් විනය පරීක්ෂණයට අගතියක් විය හැකි හෙයින් මෙම පියවර ගත් බවයි.
Leave a Reply