Loading...

NEWS JUST IN – රෝයල් පාක් නඩුවට අදාළ වන්දි මුදල මෛත්‍රී ගෙවා දමයි

රෝයල් පාර්ක් ඝාතන සිද්ධිය සම්බන්ධ නඩුවේ විත්තිකරුට ලබාදුන් ජනාධිපති සමාව අහෝසි කිරීමෙන් පසුව ගෙවීමට නියම වූ රුපියල් මිලියනයක වන්දි මුදල හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගෙවා ඇති බව ඔහුගේ නීතිඥවරු අද (11) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

අදාළ වන්දි මුදල් ගෙවා නොමැති බව ඉදිරිපත් වූ කරුණු සලකා බැලු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මේ සම්බන්ධව ලබන අප්‍රේල් මස 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිට දඬුවම් නොකිරීමට හේතු දක්වන ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත නොතීසි නිකුත් කරන මෙන් අද (11) පෙරවරුවේ නියෝගයක් නිකුත් කර තිබුණා.

එම තීන්දුව නිකුත් කර ස්වල්ප වේලාවකින් පසුව අධිකරණය හමුවේ පෙනී සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයා විසින් අදාළ වන්දි මුදල ගෙවා තිබෙන බවයි.

මෙම කරුණ මෝසමක් මාර්ගයෙන් අධිකරණයට දැනුම් දෙන ලෙසද අදාළ අවස්ථාවේ දී විනිසුරු මඩුල්ල ජනාධිපති නීතිඥවරයා දැනුම් දී තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *