Loading...

නෙවිල් සිල්වා රක්ෂිත බන්ධනාගාර ගත කරයි

කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද (10) නියෝග කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (09) පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානයේ දී ඔහුව අත්අඩංගුවට ගැනුණා.

මේ අනුව ඒ මහතා අද (10) රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

2023 අගෝස්තු මසදී එම කොට්ඨාසයට හමුවට පැමිණි පැමිණිල්ලක දී පැමිණිලි පාර්ශවයට වාසි වන අයුරින් කටයුතු කළ බවට ලද පැමිණිල්ලක් මත ඒ මහතා පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබුණා.

අදාළ විමර්ශනවලදී සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මහතා විසින් පැහැරගෙන යාම සහ අයුතු සිර කරගැනීමේ සිද්ධියක් පිළිබඳව ආධාර අනුබල දුන් බවට තහවුරු වී ඇති බව සඳහන්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *