Loading...

සාකච්ඡා සාර්ථකයි – විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක සංගමය

සිය ඉල්ලීම් පිළිබඳව බලධාරීන් සමඟ පැවැති සාකච්ඡා සාර්ථක වූ බව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් පවසනවා.

එම වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික ප්‍රියන්ත මහතා කියා සිටියේ තම ගැටළුවලට විසඳුම් අද (02) හෝ හෙට (03) ලබාදීමට බලධාරීන් එකඟතාව පළකළ බවයි.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඒ මහතා,

“අපි පැහැදිලිව දැනුම්දුන්නා රාගවන් අමාත්‍යවරයා වෙත ලාබදී තිබෙන එකඟතාවයන්වලින් බැහැරව කටයුතු නොකර බව.

මේ වෘත්තීය ක්‍රියාමර්ග අවසන් කිරීමට නම් අපගේ 2017 අනුමත මාසික හිලව් දීමනාව අපිට ඒ ආකාරයෙන් ලබාදිය යුතු බව ඒ අනුව ඔවුන් එකඟතාවයට එළඹුණා අමාත්‍ය මණ්ඩලයට මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත්කර ඒ සඳහා ඉක්මනින් විසඳුම් ලබාදෙන බවට.

අපි බලාපොරොත්තු වෙනවා අද දවසේ අපට ඉක්මනින් විසඳුමක් ලැබෙයි කියලා. අද හෝ හෙට කියලා එතුමා කිව්වේ.

අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩවර්ජනයට සාධනීය විසඳුමක් ලැබෙයි කියලා. යම් විදිහකින් පාලන අධිකාරිය මේ සඳහා සාධනීය විසඳුමක් දීමට අපොහොත් වුණොත් අනිවාර්යෙන්ම වෘත්තීය ක්‍රියාමර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *