ජාතික ධීවර යාත්‍රා සංගණනය අද (04) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය සඳහන් කළේ මෙහි පළමු අදියර අද (04) පානදුර ධීවර වරායෙන් ආරම්භ වන අතර එය ලබන 20 වනදා දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කරන බවයි.
වසර 10කට පමණ පසු මුළු දිවයිනම ආවරණය වන පරිදි මෙම ධීවර යාත්‍රා සංගණනය පවත්වන බව සඳහන්.
මෙරට වෙරළ තීරයේ පවතින 50000ක පමණ ධීවර යාත්‍රා සම්බන්ධව යාවත්කාලීන දත්ත පද්ධතියක් නිර්මාණය කිරීම මෙම සංගණනයේ ප්‍රධාන අරමුණක් බවද එම අමාත්‍යාංශය පවසනවා.
මෙහිදී සක්‍රීය ධීවර යාත්‍රා හඳුනා ගැනීම, භාවිතයේ නොයෙදෙන සහ අබලන්වූ යාත්‍රා වෙරළ තීරයෙන් ඉවත් කර ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සහාය වීම, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට දායක වීම සහ ධීවර මෙහෙයුම් බලපත්‍ර ක්‍රමවත් කිරීම මෙම ධීවර යාත්‍රා සංගණනයේ දී සිදු කිරීමට නියමිතයි.
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සෑම ධීවර තොටුපොළකටම පැමිණ, යාත්‍රා පරික්ෂා කර විශේෂ ස්ටිකරයක් ඇලවීම ද මෙම සංගණනය කාලයේ දී සිදු කරනු ඇති.
සංගණනයෙන් රැස් කරගන්නා තොරතුරු මත ලබන වසරේ සිට ධීවර යාත්‍රා මෙහෙයුම් බලපත්‍ර සහ අනෙක් සියලු සහන සේවා කටයුතු කිරීමට නියමිතව තිබෙනවා.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ මෙමඟින් රටේ ධීවර යාත්‍රා පිළිබඳ යාවත්කාලීන දත්ත පද්ධතියක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරන අතර, සංගණනයට ඉදිරිපත් නොවන යාත්‍රාවල මෙහෙයුම් බලපත්‍ර අලුත් නොකිරීමටද තීරණය කර ඇති බවයි.








Leave a Reply