Loading...

නරේන්ද්‍ර මෝදී අද දිවයිනට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (04) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණෙන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුවයි.

අග්‍රාමාත්‍යවරයා සහ එරට විදේශ අමාත්‍ය එස්. ජයශංකර් ඇතුළු පිරිසක් මෙම සංචාරයට එක්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ‘සියවස් මිතුදමක සෞභාග්‍යවත් අනාගතයකට බැඳීමක්’ යන සංකල්පය තහවුරු කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වනවා.

අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමේ නිල උත්සවය හෙට (05) කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ඉන්දීය අග්‍රාමත්‍යවරයාගේ මෙම සංචාරයේ දී ශ්‍රී ලංකාව සමඟ ද්වී පාර්ශවික සාකච්ඡාවල නිරත වනවා.

තවද බලශක්ති, ඩිජිටල්කරණ, ආරක්ෂක සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවලට අදාළව ගිවිසුම් කිහිපයකට අත්සන් කිරීමට නියමිතව බවද සඳහන්.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ මෙහිදී ඉන්දීය සහයෝගීත්වයෙන් ඉදිවන සාම්පුර් සුර්ය විදුලි බලාගාර ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීමට නියමිත බවයි.

මෙම සංචාරයේදි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අනුරාධපුර ඓතිහාසික ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැදපුදාගැනීමට නියමිතව තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *