Loading...

නාමල් ඔක්තෝබර් 13 තෙක් නැවත රිමාන්ඩ්

ආන්දෝලනාත්මක එයාර්බස් ගනුදෙනුව සහ ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ නඩු කටයුතු සඳහා දැනට බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (29) උදෑසන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවා.

එහිදී එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව නාමල් රාජපක්ෂ මහතා එළඹෙන ඔක්තෝබර් මස 13 වනදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කළේ.

මේ අතර ආන්දෝලනාත්මක ‘ක්‍රිෂ්’ ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවේදී ද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එහි සිව්වන සැකකරු ලෙස නම් කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *