ආන්දෝලනාත්මක ‘ක්රිෂ්’ (Krrish) ගනුදෙනුවට අදාළව අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා සහ ක්රිෂ් සමාගමේ හිටපු අධ්යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන මහත්මිය ලබන 23 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය අද (16) නියෝග කළා.
කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී, සැකකාර ජානකී සිරිවර්ධන මහත්මිය වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම මහේස්ත්රාත්වරයා විසින් සම්පූර්ණයෙන්ම ප්රතික්ෂේප කරනු ලැබුවා.
එමෙන්ම, සැකකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඉදිරිපත් කර ඇති ඇප ඉල්ලීමට අදාළ නියෝගය සූදානම් කර නොමැති බැවින්, එම ඇප නියෝගය ඉදිරි නඩු දිනයේදී (ඔක්තෝබර් 23) ප්රකාශයට පත් කරන බව ප්රධාන මහේස්ත්රාත්වරයා මෙහිදී සඳහන් කර සිටියා.
ක්රිෂ් සමාගමේ ව්යාපෘති කටයුතුවලට අදාළව රුපියල් මිලියන 70ක (කෝටි 7ක) දැවැන්ත මුදලක් අල්ලස් වශයෙන් ලබාදීම සහ ලබාගැනීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) මගින් සිදුකළ විමර්ශනවලට අනුව මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.





Leave a Reply