Loading...

නලීන් කිව්වේ බොරු – ඇමති නලින්ද කැබිනට් මාධ්‍ය හමුවේදී කියයි

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පිහිටුවන මොහොත වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව අමෙරිකානු ඩොලර් මිලියන 20ක් වත් සංචිත නොතිබුණු බවත් තම ආණ්ඩුවට එම සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 6190ක දක්වා ඉහළට ගෙන ඒමට මාස 4ක් තුළ හැකිවුණු බවටත් වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා සිදුකර ඇති ප්‍රකාශය පිළිබඳව අද (08) පැවැති කැබිනට් තීරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විසින් ප්‍රශ්න කරනු ලැබුවා.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා,

“ශ්‍රී ලංකා මහබැංකුව සතුව තියෙන නිල සංචිත වත්කම් ප්‍රමාණය මම කියන්නම් මේ වෙලාවේ.

2024 සැප්තැම්බර් – ඩොලර් බිලියන 5.99
2024 ඔක්තෝබර් – ඩොලර් බිලියන 6.47
2024 නොවැම්බර් – ඩොලර් බිලියන 6.45
2024 දෙසැම්බර් – ඩොලර් බිලියන 6.12
2025 ජනවාරි – ඩොලර් බිලියන 6.06
2025 පෙබරවාරි – ඩොලර් බිලියන 6.08
2025 මාර්තු – ඩොලර් බිලියන 6.51

ඒක නිසා මේ තමයි මහබැංකුව විසින් නිල වශයෙන් ඉදිරිපත් කරපු සංඛ්‍යාලේඛන. ඔතනදී වරදක් වෙලා තිබෙනවා නම් මේ සංඛ්‍යාලේඛන පිළිගන්න කියලා මම කියනවා”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *