ජනප්‍රිය ගායන ශිල්පී ගායන ශිල්පී නදිමාල් පෙරේරා මහතාට සංගීත ප්‍රසංගයක අතරතුර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ පහරදීමෙන් තුවාල ලැබූ ඔහු පානදුර මුලික රෝහලට ඇතුළත් කර ඇති බවයි.
පානදුර උතුර ගොරකාන ප්‍රදේශයේ උත්සව ශාලාවක ඊයේ (06) පැවැති සංගීත ප්‍රසංගයකට සහභාගී වූ නදිමාල් පෙරේරාට එම උත්සව ශාලාවේම වෙනත් උත්සව ශාලාවක පැවැති උත්සවයකට සහභාගී වූ පුද්ගලයෙක් මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
මොරටුව කොරවැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් මෙම පහරදීම සිදුකර ඇති බව සඳහන්.
අදාළ පුද්ගලයා පහර දීම සම්බන්ධයෙන් මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තවද මෙම ගැටුම සමථයකට පත් කිරීමට ගිය පොලිස් නිලධාරියෙකුට අයථා බලපෑම් කිරීම සම්බන්ධව තවත් පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මෙම පහරදීමට හේතුව කුමක්ද යන්න මේ දක්වා තහවුරු වී නොමැති අතර සැකකරුවන් අද (07) දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Leave a Reply