Loading...

නව අගවිනිසුරු ලෙස මුර්දු ප්‍රනාන්දු දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේ දී අද (02) පෙරවරුවේ දිවුරුම් දෙනු ලැබුවා.

ඒ අනුව ඇය ශ්‍රී ලංකාවේ 48 වන අගවිනිසුරු ලෙස ඉතිහාසගත වන අතර ඒ මහත්මිය මෙරට අගවිනිසුරු ධුරයට පත් වූ දෙවන කාන්තාව ද වනවා.

අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා විශ්‍රාම යෑමෙන් පසු පුරප්පාඩු වූ ධුරය සඳහා ඇයගේ නම ව්‍යවස්ථා සභාව විසින් පසුගියදා අනුමත කළා.

1985 වසරේ නීතිපති දෙපාර්තමේන්තුවට එක්වූ ඒ මහත්මිය 1197 වසරේ දී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ධුරයට සහ 2014 වසරේ දී අතිරේක සොලිසිටර් ජනරාල් ධුරයටත් උසස්වීම් ලැබීමට සමත්ව තිබෙනවා.

ඇය රජයේ නීතිඥවරියක ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට බැදි වසර 30කට වැඩි කාලයක් එහි සේවය කර තිබෙන අතර 2018 මාර්තු මසදී ශ්‍රේෂ්ඨාධිකරණයට පත්කර ඇති බව සඳහන්.

නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ලෙස ඒ මහත්මිය සේවය කළ අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරියද වනවා.

මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන මුර්දු ප්‍රනාන්දු විනිසුරුවරිය කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයෙන් නීතිවේදී උපාධිය ලබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *