Loading...

ජනපති රනිල්ට සහාය දක්වන පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් විශේෂ සාකච්ඡාවක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (05) රාත්‍රීයේ පවත්වා තිබෙනවා.

මෙම සාකච්ඡාව බත්තරමුල්ලේ පිහිටි හෝටලයකදී පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, කංචන විජේසේකර, රමේෂ් පතිරණ, අලි සබ්‍රි ඇතුළු මැති ඇමතිවරුන් රැසක් සාකච්ඡාව සඳහා සහභාගී වී සිට තිබෙනවා.

ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය සඳහා දිස්ත්‍රික් මට්ටමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධව මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව ඇති බව සඳහන්.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා,

“මම ඉතාම වගකීමෙන් කියනවා ජනාධිපතිතුමා කිසිම අවස්ථාවක අපිව වෙන්කරන්න, බෙදන්න කටයුතු කළේ නෑ. රටේ මිනිස්සුන්ගේ මතයට තමා එකට එක්වෙලා ඉල්ලීම කළේ රනිල් වික්‍රමසිංහ මහතාව ජනාධිපති කරන්න කියලා. එතුමා හැමවෙලේම කියන්නේ පක්ෂයක් විදියට කටයුතු කරන්න කියලා තමා. ඔය නටන්න බැරි අයට පොළොව ඇදයි වගේ නිදහසට කාරණා කියන අයගේ මතයක් මිසක් අපේ මතයක් නෙමෙයි. මේ පොහොට්ටු පක්ෂය මිනිස්සුන්ගේ දාඩිය මහන්සියෙන් හදපු පක්ෂයක් මේක සල්ලිකාරයින්ට කුලියට දෙන්නවත්, බදු දෙන්නවත්, විකුණන්නවත් සුදුසු පක්ෂයක් නෙමෙයි.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *