පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. එච් නන්දසේන මහතා අද (04) අළුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.
හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. එච් නන්දසේන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය සඳහා එම්. ජී. වීරසේන මහතා පත්වීමට නියමිතයි.
ඔහු පසුගිය වර මහ මැතිවරණයෙන් මනාප ඡන්ද 38241ක් ලබා ගැනීමට සමත්ව තිබුණා.
Leave a Reply