Loading...

ලබන 6 වනදා මෝදී ලංකාවේ නිල සංචාරයක

සාම්පුර් සුර්ය විදුලි බලාගාරයේ ඉදිකිරීම් එළැඹෙන අප්‍රේල් 6 වනදා ආරම්භ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පසුගිය 11 වනදා කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින්.

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සාම්පුර් භූගත සුර්ය බලශක්ති ව්‍යාපෘතියට මුල්ගල තැබීමේ උත්සවයට සහභාගී වීම සඳහා එළැඹෙන අප්‍රේල් 4 වනදා මෙරට සංචාරයකට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණීමට නියමිතව ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නවදිල්ලි සංචාරය අතරතුර කළ ඇරයුමකට අනුවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *