Loading...

සෞදි ඇරම්කෝ තෙල් පිරිපහදුවට හූති කැරලිකරුවන්ගෙන් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක්

සෞදි අරාබියේ ප්‍රධාන පෙළේ රාජ්‍ය තෙල් සමාගමක් වන ‘සෞදි ඇරම්කෝ’ (Saudi Aramco) ආයතනයට අයත් දැවැන්ත තෙල් පිරිපහදුවක් ඉලක්ක කර ගනිමින් ප්‍රබල බැලැස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කළ බව යේමනයේ හූති කැරලිකරුවන් ප්‍රකාශ කර සිටිනවා.

ප්‍රහාරයෙන් අනතුරුව අදාළ තෙල් පිරිපහදුව පිහිටි සමස්ත පරිශ්‍රයෙන්ම අහස උසට දැවැන්ත ගිනිජාලා සහ ඝන කළු දුම් රොටු නැගෙන ආකාරය දැකගත හැකි වී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ.

හටගත් මෙම අතිවිශාල ගින්න පාලනය කිරීම සඳහා සෞදි ගිනි නිවන හමුදා භටයින් මේ වන විටත් දැවැන්ත මෙහෙයුමක නිරත වෙමින් සිටිනවා.

යේමනයේ සනා අගනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයකට සෞදි අරාබිය ප්‍රමුඛ බලවේග විසින් පසුගියදා එල්ල කරන ලද ප්‍රහාරවලට ක්ෂණික ප්‍රතිචාරයක් ලෙස මෙම මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කළ බවයි හූති සංවිධානය වැඩිදුරටත් අවධාරණය කරන්නේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *