අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් ලිංගික වද හිංසා සිදු කිරීමේ සිද්ධිය මුල් කර ගනිමින් දැනට ආරම්භ කර ඇති වෛද්‍ය වර්ජනය අවසන කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉල්ලීමක් සිදුකළා.
අද (12) පස්වරුවේ පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.
ඔහු සඳහන් කළේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු විටත් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඒ පිළිබඳව ඉදිරි විමර්ශන කටයුතු සිදු කරමින් පවතින බවයි.
මෙම සිද්ධිය මුල් කර ගනිමින් මේ වන විට රෝහල් කාර්ය මණ්ඩල මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෛද්‍යවරුන් පිරිසක් වර්ජන ක්‍රියාමාර්ගයක නිරතව සිටින අතර එය නතර කරන ලෙසද ඒ මහතා මෙහිදී කියා සිටියා.
“පැය 36ක් යන්න කලින් අපි සැකකරු අත්අඩංගුවට ගත්තා. කණ්ඩායම් 5ක් පරීක්ෂණ සිදුකළා. ඊයේ රාත්‍රියේදී තොරතුරු ලැබුණා. සැකකරු ඉන්න ප්‍රදේශය ගැන. ඒ අනුව පරීක්ෂණ සිදුකරලා අද උදෑසන ඔහුව අත්අඩංගුවට ගත්තා. දැන් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකෙරෙනවා.
සමාජ මාධ්‍යවලින් වගේම මාධ්‍යවලින් රජයක් හැටියට අපි ඉල්ලීමක් කළා. අනන්‍යතාව හෙළි කරන්න එපා කියලා. මාධ්‍ය ඒ වගකීම ඒ විදියටම ඉටු කළා. ඒකට මම ස්තූතිවන්ත වෙනවා. කිසිම මාධ්‍යයක් අනන්‍යතාව හෙළිකරලා තිබුණේ නැහැ. ඉදිරියටත් ඒ විදියටම කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.
අද උදෑසන මම අනුරාධපුර රෝහල් පරිශ්‍රයේ සංචාරයක නිරත වුණා. එහි සේවකයින් බියෙන් තැතිගැන්විලා ඉන්නේ මේ සිද්ධියත් එක්ක. අපි සැලසුම් කරලා තියෙනවා ආරක්ෂක කටයුතු ඉදිරියට ගැටලුවකින් තොරව සිදුකරගෙන යන්න.
ආරක්ෂක සේවාවේ අඩුපාඩු තියෙනවා. ඒ ගැනත් සාකච්ඡා කළා. අනුරාධපුර වගේ ප්‍රදේශයකට යන වෛද්‍යවරුන් අපි ආරක්ෂා කරගන්න ඕනේ. ඔවුන් ලොකු කැපකිරීමක් කරන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා.. ඉදිරියේදී ඔවුන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරන්න.”
Leave a Reply