Loading...

ඇමති කාංචන මාතරදී සාගර කාරියවසම් ලේකම් ධුරයෙන් ඉවත් කරන යෝජනාවක් සම්මත කරගනී

මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් බල මණ්ඩල ඒකමතික තීරණය කර තිබෙනවා.

මාතර දිස්ත්‍රික් බල මණ්ඩලය අද (01) රැස්වූ අවස්ථාවේදී ඔවුන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා එම ධුරයෙන් ඉවත් කර අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පත් කිරීමටද මෙහිදී යෝජනා වී තිබෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පාලටුව එල්.එච්.කේ හෝටලයේ දී පැවැත්වුණා.

මෙම රැස්වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් බල මණ්ඩලය නියෝජනය කරමින් හිටපු පලාත් සභා මන්ත්‍රීවරුන්, හිටපු පලාත් පාලන ආයතන නියෝජිතයින්, ඡන්ද අපේක්ෂකයින් ඇතුළු තුන්සීයකට ආසන්න පිරිසක් සහභාගී වී ඇති බව සඳහන්.

පසුගියදා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ගනු ලැබූ තීරණය ප්‍රතික්ෂේප කර වත්මන් ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයේ දී සහාය දැක්විය යුතු බවට යෝජනා ඉදිරිපත් කර ඇත්තේ ද අමාත්‍ය කාංචන විජේසේකර මහතා විසිනි.

මෙම රැස්වීමේදී අදාළ යෝජනා දෙකටම රැස්ව සිටි නියෝජිතයින් අත් ඔසවා ඒකමතිකව යෝජනා සභා සම්මත කරගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *