ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ක්‍රෙඩිට් කාඩ්පතක් අනවසරයෙන් ලබාගෙන භාණ්ඩ ලබාගත් සැකකරුවන් පිළිබඳ විමර්ශනයක් පවත්වන ලෙස අධිකරණය ඊයේ (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.
අංක 142, ජම්බුගස්මුල්ල මාවත, නුගේගොඩ පදිංචි ඇමතිවරයා විසින් කරන ලද පැමිණිල්ලක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂක නිරෝෂන් ලක්මාල් විසින් අධිකරණය වෙත කරුණු වාර්තා කළා.
මීට අදාළ නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙලා මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
රුපියල් ලක්ෂ 5ක ණය සීමාවක් හිමි පැමිණිලිකාර ඇමති බන්දුල ගුණවර්ධනට අයත් ලංකාවේ ණය කාඩ්පතක් ගිණුම් හිමියා වන පැමිණිලිකරුගේ කිසිඳු අනුදැනුමකින් හෝ අවසරයක් නොමැතිව ලබාගෙන විශ්වාසය කඩකර, වංචා කර, සාවද්‍ය පරිහරණය කිරීම පිළිබඳව විමර්ශන පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇති බව සඳහන්.
තවද පැමිණිලිකාර ඇමතිවරයාගේ ක්‍රෙඩිට් කාඩ්පතට අදාළ ගණුදෙනු ඇතුළත් ගිණුම් විස්තර ලබාදෙන ලෙස එම බැංකුවේ කළමනාකරුට නියෝගයක් නිකුත් කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
ඊට අමතරව එම බැංකු ගිණුම් විස්තර ලබා ගැනීමට අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදී ඇති බවද වාර්තා වනවා.
Leave a Reply