Loading...

මිහින්තලේ හිමිත් ජනාධිපතිවරණයට?

ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් ලෙස ආරාධනාවක් ලැබුණහොත් රටේ ජනතාව වෙනුවෙන් ඊට සුදානම් බව මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණ වැවේ ධම්මරතන හිමියන් පවසනවා.

පෞද්ගලික රූපවාහිනී නාලිකාව පසුගිය 1 වනදා දේශපාලන වැඩසටහනකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.

උන්වහන්සේ කියා සිටියේ පක්ෂය ගන්නා ඕනෑම යෝජනාවකට එකඟ බවයි.

එහිදී අදහස් දැක්වූ උන්වහන්සේ, “රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් තමා සක්විති රජකමට හෝ ජනාධිපතිකමට හෝ නොව ඕනෑම තැනකට යෑමට සූදානම්. ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසට ජනතාවගෙන් දැනටමත් ඉල්ලීම් විශාල සංඛ්‍යාවක් ලැබිලා තියෙනවා.

ජනාධිපති අපේක්ෂකත්වය තනිව කෙරෙන කටයුත්තක් නෙමෙයි. එය ලොකු කණ්ඩායමක් එක්ව තීරණය කළ යුතු කාරණයක්.

පරම්පරා ගාණක් මේ රට පාලනය කරන්නේ එකම කණ්ඩායමක්, එත් මේ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතුයි.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *