පාතාල නායකයෙකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන මිදිගම රුවන් ඩුබායි සිට අද (31) මෙරටට රැගෙනවිත් තිබෙනවා.
අදාළ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් රැගෙන විත් ඇති බවයි වාර්තා වන්නේ.
30 හැවිරිදි සැකකරු මේ දක්වා ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්වූණා.
සැකකරු රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා බලා පිටත්ව ගොස් තිබුණා.
රාත්‍රී සමාජ ශාලාවක ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් ඩුබායි පොලීසිය විසින් මිදිගම රුවන් මීට මාස දෙකකට පමණ පෙර අත්අඩංගුවට ගනු ලැබුවා.
හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින කාලය තුළදී ඔහු එම දෙපාර්තමේන්තුවෙන් මුදා ගැනීමට සැලැස්මක් දියත් කර තිබුණේ ද මිදිගම රුවන් විසින් බවට අනාවරණය වුණා.








Leave a Reply