නිරූපන ශිල්පිනී පියුමි හංසමාලි මහත්මියගේ නමට ලියාපදිංචි කරන ලද BMW වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් රුපියල් කෝටි 6කට වටිනා කුෂ් හා කොකේන් ගුවන් තැපෑල මඟින් ආනයනය කිරීම පිළිබඳව අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයාගේ දෙමහල් නිවසේ ගරාජයේ තිබී හමුව තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මරදාන ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ වාහන අමතර කොටස් ගෙන්වන ආයතනයක හිමිකරුවෙකි.
සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා කලක පටන් පොලීසිය මඟ හරිමින් සැඟව සිට ඇති අතර අනතුරුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසුව මොහුව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වනවා.
අදාළ සැකකරු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ නාරහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක සිට පිටතට පැමිණෙමින් සිටියදීයි.
පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ සැකකරු මෙම වසර මුලදී නාවල කොස්වත්ත ප්‍රදේශයේ සුපිරි නිවසක කුලී පදනම මත පදිංචිව සිටියදී මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගැනීමත් සමගම එම නිවස අත්හැර දමා නාවල පාසල් මාවත ආසන්නේ සුපිරි නිවසකට පදිංචිය මාරු කර ඇති බව අනාවරණය වී බවයි.
Leave a Reply