Loading...

IMF නියෝජිතයින් සහ මහ බැංකු නිලධාරීන් අතර හමුවක්

මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් පළමුවෙන් මහ බැංකු නිලධාරීන් මුණගැසී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එම නියෝජිතයින් අද (18) දිනයේ බොහෝ විට මහ බැංකු නියෝජිතයින් මුණගැසී සාකච්ඡා කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් අදාළ සාකච්ඡාවෙන් පසුව ජනාධිපතිවරයා ඇතුළු නව රජයේ මැති ඇමතිවරුන් මුණ ගැසීමට ද අදාළ කණ්ඩායම සැලසුම් කර තිබෙනවා.

එම සාකච්ඡාවෙන් අනතුරුව ඔවුන් මාධ්‍ය හමුවක් කැඳවමින් විස්තීර්ණ ණය පහසුකමේ තෙවන සමාලෝචනයට අදාළ ප්‍රගතිය සම්බන්ධව දැනුම් දීමට නියමිතයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ තෙවන සමාලෝචනය සඳහා එහි නියෝජිතයින් පිරිසක් ඊයේ (17) දිවයිනට පැමිණියා.

එම සංචාරයෙන් පසුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ සිව්වන වාරිකය මෙරටට නිදහස් කිරීමට නියමිතයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *