අමෙරිකාවේ ප්‍රකට පිසූ ආහාර ජාලයක් වන Macdonald අවන්හල් ජාලයේ මෙරට පවත්වාගෙන යන අවන්හල් 12ක කටයුතු පවත්වාගෙන යෑම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය විනිසුරු සුමිති පෙරේරා මහතා වාරණ නියෝගයක් නිකුත් කළා.
මෙරට Macdonald අවන්හල පිරිසිදුව සෞඛ්‍ය ආරක්ෂිතව හා නිසි තත්ත්වයෙන් යුතුව පවත්වාගෙන නොයන බවට මව් සමාගම කළ ඉල්ලීමක් පිළිගනිමින් ලබන 12 වනදා දක්වා බලපැවැත්වෙන අන්දමට අදාළ වාරණ නියෝගය ලබාදී තිබෙනවා.
මෙම වාරණ නියෝගය ලබන අප්‍රේල් 4 වනදා දක්වා ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.
කොටහේන, නුගේගොඩ, කිරිබත්ගොඩ, බත්තරමුල්ල, කොල්ලුපිටිය, රාජගිරිය, වැලිසර, ගල්කිස්ස, කළම්බො සිටි සෙන්ටර්, මැක්ලිඕඩ් පාර ආපන ශාලාවල, සහ ශ්‍රැංගිලා අවන්හලෙහි Macdonald ආහාර සහ ආහාර වට්ටෝරුවල ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම රුසි පෙස්ටන්ජිගේ සමාගමට තහනම් කරමින් වාණිජ මහාධිකරණ විනිසුරු සුමිත් පෙරේරා මෙම වාරණ නියෝගය නිකුත් කර තිබෙනවා.
මෙම වාරණ නියෝගය අප්‍රේල් 4 වනදා දක්වා ක්‍රියාත්මක වනවා. 2003 අංක 36 දරන බුද්ධිය දේපළ පනතේ විධිවිධාන යටතේ අධිකරණ බලය ඉල්ලා අමෙරිකා එක්සත් ජනපදයේ නිසි ලෙස සංස්ථාපිත ආයතනයක් වන මැක්ඩොනල්ඩ්ස් කෝපරේෂන් විසින් ගොනු කරන ලද නඩුවක ප්‍රතිඵලයක් ලෙසයි වාණිජ මහාධිකරණය මෙම නියෝගය කර ඇත්තේ.
පැමිණිලිකරු “McDonald’s”, “McDonald’s Hamburgers”, “McDonald’s Family Restaurants” යන නම්වල හිමිකරු වනවා.
McDonald’s යන නාමය සම්බන්ධයෙන් ලොව පුරා කැපී පෙනෙන කීර්තියක් වර්ධනය කර ඇති බවද පැමිණිලිකරු පවසනවා. පැමිණිලිකාර පාර්ශවය McDonald’s අවන්හල්වල තනි හිමිකරු වන අතර එය McDonald’s ජාලය ලෙස හැඳින්වෙනවා.
මේ අතර මෙම නඩු තීන්දුව සමඟ McDonald’s යන නම හෝ McDonald’s යන නෑමට සමාන ඕනෑම නමක් භාවිතා කිරීමත්, McDonald’s හා සම්බන්ධ ආකාරයෙන් ප්‍රකාශ වෙන ඕනෑම නමක් භාවිතා කිරීමටත් විත්තිකරුට ඇති අයිතිය ද අහෝසි කර තිබෙනවා.
Leave a Reply