Loading...

මනූෂ CIDයට ප්‍රකාශයක් දෙන්න සුදානම් බව අධිකරණයට දැනුම් දෙයි

දකුණු කොරියාවේ රැකියා ලබාදීමේ සිද්ධිය පිළිබඳව හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා හෙට (21) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදීමට සුදානම් බවට ඔහුගේ නීතිඥවරයා අද (20) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

එම සිද්ධිය පිළිබඳව තමා අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඒ මහතා විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප පෙත්සම අද (20) කැඳවූ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මේ බව අධිකරණයට දැනුම් දී ඇති බව සඳහන්.

තම සේවාදායකයා හෙට (21) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබාදීමට සුදානම් බවද එම නීතිඥවරයා අධිකරණයේ දී පවසා තිබෙනවා.

ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉන්පසුව ඉල්ලා ඇත්තේ වෙනත් දිනක මෙම පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා කැඳවන ලෙසයි.

මේ අනුව අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 22 වනදා කැඳවීමටද නියම කර ඇති බව සඳහන්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *