Loading...

මන්නා රමේෂ් ලංකාවට රැගෙන එයි

ඩුබායි හිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන රමේෂ් ප්‍රියජනක නොහොත් “මන්නා රමේෂ්” දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා කියා සිටියේ අද (07) අළුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සැකකරු ඩුබායි හි සිටි දිවයිනට රැගෙන ආ බවයි.

ජාත්‍යන්තර පොලීසිය හරහා රතු වරෙන්තු නිකුත් කර තිබූ මන්නා රමේෂ්ව ඩුබායි පොලීසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහුට විරුද්ධව මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කප්පම් ගැනීම් ඇතුළු අපරාධ රැසකට චෝදනා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

අවිස්සාවේල්ල ප්‍රදේශය ආශ්‍රිතව ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ගැනීමේ සිදුවීම් රැසක් සම්බන්ධව සැකකරුට එරෙහිව චෝදනා එල්ල වී ඇති අතර පසුගිය කාලයේ සිදුවූ ඝාතන කිහිපයක්ම මන්නා රමේෂ්ගේ මෙහෙයවීම මත සිදුව ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මෙරටට රැගෙන ආ සැකකරු සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

What is your reaction?

Loading spinner

Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *