මින් ඉදිරියට මෙරට කිසිඳු මැතිවරණයක් සඳහා තමා තරඟ නොකරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
යුටියුබ් නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව තමා ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට හෝ මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බවත් පුර්ණ කාලීනව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෙනුවෙන් වෙහෙසෙන බවත් ඒ මහතා මෙහිදී කියා සිටියා.
හිටපු ජනාධිපතිවරයා මෙම වැඩසටහනේ දී පෙන්වා දුන්නේ තමන් මැතිවරණයට ඉදිරිපත් නොවුණ ද තමාගේ පුත් දහම් සිරිසේන මහතා ඉදිරියේ දී සක්‍රීය දේශපාලනයට පිවිසෙන බවයි.
මේ අනුව ඔහු පොළොන්නරුව ආසනය නියෝජනය කරමින් දේශපාලන පිටියට පිවිසෙනු ඇති බවද ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.
Leave a Reply