Loading...

වාරණ නියෝගයට එරෙහිව මෛත්‍රී අධිකරණයට

තමා නිදහස් පක්ෂ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් පනවා ඇති වාරණ නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණයට අහියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම අභියාචනා පෙත්සමෙන් හිටපු ජනාධිපතිවරයා ඉල්ලා ඇත්තේ තමන් නිදහස් පක්ෂ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් පසුගියදා කොළඹ දිසා අධිකරණය විසින් කළ අතුරු තහනම් නියෝගය විසුරුවා හැරීමේ තීන්දුවක් ලබාදෙන ලෙසයි.

මේ අභියාචනා පෙත්සමේ වගඋත්තරකරු ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභික වන මොන්ටේගු සරච්චන්ද්‍ර මහතා නම් කර ඇති බවයි වාර්තා වන්නේ.

වගඋත්තරකරු විසින් ගොනු කළ නඩුවක් විභාග කළ කොළඹ දිසා අධිකරණය තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් පසුගියදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ බවද හිටපු ජනාධිපතිවරයා සිය අභියාචනා පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.

අදාළ පෙත්සමෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ කොළඹ දිසා අධිකරණය මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළ ආකාරය නීතියට පටහැනි බවත් එය ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත්ය.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *