ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලයේ දී ගනු ලැබූ තීන්දු සම්බන්ධව ලබන 18 වනදා රැස්වී තීරණයක් ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඊයේ (08) පදනම් ආයතනයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලයේ දී ගනු ලැබූ තීරණ සම්බන්ධව එහි කණ්ඩායමක් විසින් එම කොමිෂන් සභාව දැනුවත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න සහ වීර කුමාර දිසානායක යන මහත්වරු දේශපාලන මණ්ඩලයේ තීරණ මැතිවරණ කොමිෂන් සභාවට මෙලෙස භාර දී ඇති බවයි වාර්තා වන්නේ.
ඊයේ (08) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්වුණු අතර එම රැස්වීම කැඳවනු ලැබ තිබුණේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසිනි.
එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පත්කර කරනු ලැබුවා.
මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තායිලන්තයේ සංචාරයක් සඳහා අද (09) අලුයම දිවයිනෙන් පිටත්ව ගොස්ව තිබෙනවා.
හිටපු ජනාධිපතිවරයා සමඟ 9 දෙනෙක්ගෙන් යුත් පිරිසක් මෙම සංචාරයට එක්ව ඇති බවයි වාර්තා වන්නේ.








Leave a Reply