ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියළු සාමාජිකයින් ඉදිරි සති අන්තයේ දී කොළඹට කැඳවීමට පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා.
මෙහිදී වැදගත් තීන්දු තීරණයක් කිහිපයක් ගැනීමට නියමිතව ඇති.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභිකයින්, විධායක කාරක සභිකයින්, ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන්, පක්ෂයේ අනුබද්ධ සංවිධානවල සියලු නිලධාරීන් මෙලෙස පක්ෂ මුලස්ථානය වෙත කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.
මෙම රැස්වීම සඳහා පැමිණීම අනිවාර්ය බවට සියළු සාමාජිකයින් වෙත ලිඛිතව දැනුම් දී ඇති බවද සඳහන්.
දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ නව සන්ධානයක් ඉදිරියේ දී බිහිවීමට නියමිතව ඇති බවයි.
Leave a Reply