Loading...

OnmaxDT මුල්‍ය වංචාවේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

OnmaxDT මුල්‍ය වංචාවේ ප්‍රධාන සැකකරු ලෙස හැඳින්වෙන ගයාන් වික්‍රමතිලක නම් පුද්ගලයෙක් ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව වාර්තා වනවා.

මේ අනුව සැකකරුව අද (21) පෙරවරුවේ දිවයිනයට රැගෙනවිත් තිබෙනවා.

නීතිවිරෝධී පිරමීඩාකාර ගණුදෙනු සිදුකරන බව පැවසෙන OnmaxDT පරිගණක දත්ත ගබඩාවක් පවත්වාගෙන යාම ඇතුළු චෝදනා කිහිපයක් සැකකරුට එල්ල වී ඇති බව සඳහන්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *