අමාත්‍යවරයෙකු සිටින අවදියේ අයතා ලෙස උපයාගත් රුපියල් මිලියන 27කට අධික මුදලක් වැය කර කොළඹ කින්සි පාරේ සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීමේ දී මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිදහස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.
කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මෙම තීන්දුව ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ චෝදනාව සම්බන්ධව පසුගිය යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණා.








Leave a Reply