LTTE සංවිධානයට පිළිබඳ සැමරුම් උත්සව පැවැත්වීමේ හැකියාවක් නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
ඒ මහතා කියා සිටින්නේ එම සංවිධානය මෙරට තහනම් සංවිධානයක් බැවින් එම සංවිධානයේ ලාංඡන, නිල ඇඳුම් හෝ සාමාජිකයන්ගේ පින්තුර යොදා ගනිමින් සැමරුම් උත්සව පැවැත්වීමට හැකියාවක් නොමැති බවයි.
කෙසේ වෙතත් යුද්ධයෙන් මියගිය තම ඥාතීන් සිහි කිරීමට උතුරේ ජනතාවට කිසිඳු බාධාවක් නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
“නීතියානුකූලව තමන්ගේ ඥාතියෙක් මියගියාම සමරන්න ඉඩකඩ තියෙනවා. එහෙත් උතුරේ මහවිරු සැමරුම් කරන්න ඉඩකඩක් නෑ. LTTE ලාංඡනය යටතේ ඒ පින්තූර භාවිත කරමින්. රටේ නීතියක් තියෙනවා. නීතියට අනුව LTTE සංවිධානය තහනම් සංවිධානයක්. හැබැයි උතුරේ, දකුණේ, නැගෙනහිර හෝ කඳුරට වේවා තමන්ගේ දරුවෙක් මියගියා නම් ඒ දරුවා සිහිකිරීමේ අයිතිය තිබෙනවා. මම හිතන්නේ බොහෝ වෙලාවට මේ උතුරේ ජනතාව ඥාතීන් සිහිකිරීම වෙනත් අර්ථකථනයක් දෙමින් සමාජයේ උඩට ගෙනත් තිබෙනවා. ඒත් අපි රටට අවධාරණය කරනවා LTTE සංවිධානය තහනම් සංවිධානයක් ඔවුන්ට ඉඩකඩක් නෑ ඒ වෙනුවෙන් සැමරුම් කරන්න.”
Leave a Reply