Loading...

ලොහාන් රත්වත්තේ ආයෙත් රක්ෂිත බන්ධනාගාරයට

බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීම පිළිබඳව අත්අඩංගුවට ගනු ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අද (07) අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මෙහිදී අධිකරණය නියෝග කර තිබුණේ ඒ අනුව ඔහුව ලබන 09 වනදා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.

ලොහාන් රත්වත්තේ මහතා සිය ඥාති නිවසකට ගොස් නැවත යමින් සිටියදී ඔහු පැදවූ ජීප් රථය කොල්ලුපිටිය මංසන්ධිය අසලදී තවත් මෝටර් රථයක ගැටී ඊයේ (06) අනතුරක් සිදුව තිබුණා.

අනතුර පිළිබඳව කොල්ලුපිටිය පොලීසිය ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනවලදී හෙළිව ඇත්තේ ලොහාන් රත්වත්තේ මහතා බීමතින් රිය පදවා ඇති බවයි.

මේ අනුව බීමතින් රිය ධාවනය කර අනතුරක් සිදු කිරීමේ චෝදනා මත පොලීසිය ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *