Loading...

කොළඹ දී මාර්ග නීති කැඩූ රියදුරන් 4000කට CCTV දර්ශන මඟින් රියදුරන් 4,000 කට එරෙහිව නීතිමය පියවර

කොළඹ නගරය ආශ්‍රිතව පොලිසිය මඟින් ස්ථාපිත කර ඇති CCTV කැමරා මඟින් ලබා ගන්නා දර්ශනවලට අනුව රථවාහන වැරදි සිදුකළ රියදුරන් 4000කට වැඩි පිරිසකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව පොලීසිය පවසනවා.

පොලීසිය පෙන්වා දෙන්නේ අදාළ රියදුරන්ගේ නිවෙස් වෙත එම රථවාහන වැරදි පිළිබඳව දැනුම් දී නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

පසුගිය වසරේ පෙබරවාරි මස පළමු වනදා සිට කොළඹ නගරය ආශ්‍රිතව ස්ථාපිත කර ඇති CCTV කැමරා මඟින් රථවාහන වැරදි හඳුනා ගැනීමේ වැඩසටහන ආරම්භ කරනු ලැබුවා.

මේ අනුව 2025 වසරේ අප්‍රේල් 20 වනදා දක්වා කාලය තුළ මාර්ග නීති උල්ලංඝනය කළ රියදුරන් 4048 දෙනෙකුට එරෙහිව දඩ හෝ අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බව පොලීසිය සඳහන් කරනවා.

මෙම වැඩපිළිවෙල අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසනවා.

පොලීසිය පැවසුවේ අදාළ වැඩසටහන යටතේ නිසි ලෙස අයිතිය පවරා නොමැති රථවාහන 241කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේ වාහනයක් විකිණීමේ දී අයිතිය පැවරීම අනිවාර්යෙන් සිදුකළ යුතු බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *